01 රොබරෝසියාව.
නුඹ කෙදිනකවත් නැවත නොයෙන එම මාවතේ අදත් මා පියමැන ගියේ මන්දාරම් අහස යට දිස්නෙ දෙන රොබරෝසියන් මල් යාය සමීපයටයි.සුපුරුදු ලෙසින් හිත පැරී රිදුම් දෙන්නා වූ මතකයන් සමඟ මල් පෙති මතින් පියවර තබන විට දැනෙන හුරු පුරුදු හැඟීම අදත් මා විඳගත්තෙ තනිවමයි.
පෙරදා පහන් වෙන තෙක් ඇදහැලුනු අධික වර්ශාවෙන් තවමත් මන්දාරම් පොළොව තෙමාලූ වැහිබිඳු වාශ්ප වී ගොස් නැත.
වෙනදා මෙන් ම පපුව හිරවෙන මතක ගොන්න මැදින් දිග හුස්මක් ගත්තෙ හිත ආයෙමත් ඒ මතක අස්සෙන් පෑරි පෑරී රිදුම් දෙන බව දැන දැනමයි. ඇස්වලට ඉනු කදුළු වෙනදා මෙන් නිදහසේ ගලන්නට ඉඩ හැරියෙ මතක හංගන් තවත් තනිව විඳවීම අසීරු නිසයි.
එදා මේ ගල් බංකුව උඩ හිඳගෙන හරි ආදරයෙන් දුන් ඒ පොරොන්දු එකින් එක ඉශ්ට වේවි යැයි අදටත් මටත් වඩා රොබරෝසියන් මල් බලාපොරොත්තුවෙන් ඇති.මතක් වෙන හැම වතාවකදී ම නුඹ ළඟට දුවන් එන්න හැකි දුරක් නෙමේ නුඹ ගියෙ කියල හදවතට දැනෙද්දි හූල්ල හූල්ල මතක මත්තෙහි ම විඳවන්න මම දැනටමත් හිත හදාගෙන ඇත්තෙමි. ගත වූ කාලය හරි සුන්දරයි වගේ ම ප්‍රේමණීයයි. ආදරය නම් මිය ගිය අකුරු හතරට මා වෛර කළ සමයක එම අකුරු හතරට ම පණ ඇති අන්දම නැවත මා හට දැන්වූවේ නුඹේ ආදරයයි.
බියක් නොමැතිව මහපොළොව මත පියවර තබමින් ඇවිද යාමට උපකාර කළ නුඹ, මා තනිකර ගිය දිගු ගමන නිසා මම තවමත් පොළොව පිළිබඳ චකිතයකින් පසුවෙමි.
මතුවට..
(මේ මම ලියන පළවෙනි නවකතාව. ඒ නිසා ඔයාලගෙ අදහස් විවේචන මට ගොඩක් වැදගත්. පුළුවන් නම් කතාව කියවලා මේ ගැන ඔයාලගෙ අදහස් මටත් කියන්න)
මෙතැන් පටන් කතාවේ සියලු කොටස් මෙම පිටුවේ පළ කෙරේ.
Excellent...... 😊 Keep it up 👍
ReplyDeleteThank you🥰
Deletenice keep it up
ReplyDelete