හෙමිහිට ගොතන සී පදයක රස එළිය
ඇසුවෙමි සවන් පිනවා යන මගෙ මලය
ගින්නකි දිවිය රස මුසු තැන් නැති වමය
නාඬන් ලේනි නුඹටත් පිං හිමි නැතිය
ආයුබෝවන්ඩ ඇත් රජුනේ එන්න එපා
ඇවිදින් ඉරිඟු අස්වනු ටික ගණිනු එපා
වැඳා පතමි නුඹෙ පවුලට විපත් එපා
කුසගිනි හේනෙ දේ අරගෙන යන්ට එපා
පසළොස්වක ට රැස් නහවන සඳේ සොබා
නැති ය අයෙකු ඒ පැහැයට සමව තබා
වීය නම් දිනෙක සම කෙරුමකට සබා
ඒ නුඹ මැනිකෙ මගෙ සම්පත චන්ද්‍රපබා
DEWMINI MAHESHIKA..✍️
No comments:
Post a Comment