"ඇයි මං ගැන කවදාවත් ලියලා නැත්තෙ"
"ඇයි එක කවියක්වත් මගෙ නමින් මම වෙනුවෙන් ලියවෙලා නැත්තෙ"
උත්තර නැති ප්‍රශ්න දාහක් මැදින් මෙච්චර කල් කවදාවත් ඇහුනෙ නැති වචන පේළියක් ඇහෙද්දි සත්තයි මේ හිත තප්පර ගානකට නැවතුනා.
මුහුද දිහා බලන් ඉන්න එයාගෙ ඇස් දිහා කවදාවත් කෙලින් බලලා නොතිබුණු මම අද ඒ වචන ටිකට පිං සිද්ද වෙන්න බැලුවා.
ඔව් එයා හරි.
අපි යාලුවෙලා මේ ගෙවුන අවුරුදු හයට මම කවදාවත් එයාගෙ ආදරේ නමින් එක අකුරක්වත් ලියලා තිබුණෙ නෑ.
මම දන්නවා මේ ප්‍රශ්නෙ එයාට එන්න ඇත්තෙ අවුරුදු ගානකට කලින්.
ඒත් මම දන්නවා මේ ගෙවුණු කාලෙ ඇතුළෙ ඒක කවදාවත් එයාට ප්‍රශ්නයක් වුණේ නෑ කියන්න.
ඒත් ඇයි එහෙනම් මේ එකපාරටම,
කඳුළු පුරවගත්තු ඇස් වලින් මම ආයෙමත් බැලුවෙ එයා දිහා.
ඔව් එයා වෙනස් වෙලා,
මම දන්නවා දැන් එයා යන්න හේතු හොයනවා.
ඒත්,
කොහොමද මම කියන්නෙ එයාගෙ ආදරේ වෙනුවෙන් එක වචනයක් ලියන්න මගෙ හිතට අදහස් එන්නෙ නෑ කියලා.
කවියක තියෙන වචන කිහිපයකට මට ඒ ආදරේ හිරකරන්න බෑ කියල.
මිනිත්තු කිහිපයකට මාව ගොළු වුණේ වචන එක පිට එක ගලාගෙන ආවත් ඒ කිසිම වචනයක් පිට කරගන්න බැරි වෙද්දි.
මේ හිත එයාට කියවන්න පුළුවන් නම්,
එහෙනම් ඒ වගේ ප්‍රශ්නයක් මගෙන් කවදාවත් අහන එකක් නෑ.
අතේ තිබුණ කඩදාසි කොලය තව ටිකක් අත්ලට හිරවෙලා මිටිමෙලවිලා ගියේ කෙටි ඉකියකුත් එක්ක.
තවත් එක මොහොතක්වත් එතන ඉඳගෙන ඉන්න අසීරු වුන මම නැගිටින්න හැදුවෙ එතනින් යන්න.
"ඔහොම ඉන්න තාම මම කතා කරලා ඉවර කලේ නෑ"
එයාගෙ වචන ආයෙමත් ඇහෙද්දි මම ආපහු හැරුනෙ ඒ වචනවලට මම හැමදාමත් අවනත වුණු නිසා.
ඒත් ඒ වෙලාවෙම එයාගෙ phone එකට call එකක් ආවා. එක පාරක් call එක cut උනත් ආයෙත් ආව call එක එයා answer කලේ මා දිහත් එක වතාවක් බලන ගමන්.
ඔව් මම දන්නවා ඔයා දැන් මගෙ හිත කියෙව්වා.
ඉතින් මම මගෙ හිතින් ඇහුවෙ ඔයාගෙ හිත මට කියවන්න බැ කියල මෙච්චර කල් ඔයා හිතුවෙ කොහොමද කියල.
අන්තිම වතාවටත් එයා දිහා බලලා ඇස් වලින් ගලන කඳුලු අතින් පිහන ගමන් හීනි ඉකියකුත් එක්ක
අවුරුදු ගානක් වචන එකතු කරලා එයාගෙ නමින් අසීරුවෙන් ගැටගහගත්තු පළවෙනි කවිය ලියපු කඩදාසි කොල කෑල්ල එයා ගාවින්ම තියලා
මම එයාව පහු කරන් ආපහු ඇවිදන් ආවෙ කිසිම දවසක මේ වගේ දුකක් ආයෙමත් මට මේ ජීවිතේ දැනෙන්න එපා කියල ප්‍රාර්ථනා කරන ගමන්..
එයාට මගෙ ආදරේ නොතේරුනේ එයාගෙ වටේටම එයාට ආදරේ කරන අය මහ ගොඩක් ඉන්න නිසා
හැබැයි,
කිසිම කෙනෙක් නැතුව මේ ලෝකෙ දැකපු දවසෙ ඉදන් අනාතව හැදුන මම ආදරේ කළේ
එයාටයි මගෙ හැඟීම් වචන කරපු පෑනටයි කියල එයා දැන දැනත් එයා මාව තනිකරපු එක ගැන මට දැනුනෙ කලකිරීමක්.
ඔව්ව්.
සමහර වෙලාවට කොයිතරම් වර්ණනා මතින් කවි පද ගැලපුවත් සමහර කවියොත් ආදරේදි fail මිනිස්සු..
නිමි.
K.A.Dewmini Maheshika Karunarathna..✍️