නුඹගේ අපූරු වෙස් මුහුණ
සයුරු රළ අතර
සැඟව ගොස් ඇත
ක්සිතිජ මායිමේ ගිමන් හරින
මගේ හදවත පතුළ
මුහුදු වැල්ලෙන් සිරව ඇත
වඩදිය බාදියට උදම් වන රළ
සඳ නොදන්නා රහස් වැළඳගනිමින්
උන්මන්තකයෙකු මෙන්
හැසිරෙන අයුරු
බලා සිටිය නොහැක
හිරු සිටින දිශාවට නෙතු යොමන්නට
එක් සූරියකාන්ත මලකට අවැසි නැත
එනමුදු,
පුදුමයකි!
සුළගින් ම අතරමං කෙරූ වරා මලක්
නාඳුන පොළවක් මත
තවමත් සුළඟට පෙම්
බඳිමින් ඇත.
Dewmini Maheshika..✍️.
ලස්සනයි 🌼
ReplyDeleteස්තූතියි ❤️
Delete⭐🌻❤️
ReplyDeleteස්තූතියි❤️
Delete❤
ReplyDeleteස්තූතියි❤️
DeleteLassanay😊
ReplyDeleteස්තූතියි❤️
Delete❤️❤️
ReplyDeleteස්තූතියි
Delete