ඈත අහසේ දිදුළන තරුවකට
නන්නාදුනන පොළවක
බිහි වූ
බොරළු කැටයක්
පෙම් බඳිමින් සිටී
කප්පරක් පැතුම් සමඟින්
රාත්‍රියේ ඔවුනොවුන් දෙස බලමන්
නොකියා කියන කතා සවන් දීමට
ළං වූයෙමි වැව් ඉස්මත්තට
සවන් යොමු කළවිට
බොරළු කැටයේ පැතුමට
මම ඇසිල්ලකින් ගල් ගැසුනෙමි
දිනෙක මම උල්කාවක් වෙමි.
ඔක්සිජන් නොමැති නුඹේ ලෝකයට
නොදැවී පතිත වන.
Dewmini Maheshika .✍️.
ලස්සනයි❤️
ReplyDeleteස්තූතියි😍
Deleteජය පුතා
ReplyDeleteස්තූතියි සර්
Delete⭐🌻❤️
ReplyDelete